197 views 0 secs 0 comments

මන්නා රොෂාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

In Local News
February 17, 2022

අපරාධකරුවෙකු වන මන්නා රොෂාන්ගේ සමීපතමයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බ්‍රහස්පතින්දා (17) අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු සිටින ස්ථානය පිළිබඳව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 32 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණි ගඟ ආශ්‍රිතව නීති විරෝධී ලෙස පතල් කැණීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මතයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේ, ඔහු කිලෝ ග්‍රෑම් 235ක් සහ මත්පෙති 50ක් සමඟ අත්අඩංගුවට ගත් බව ය.
ඊට අමතරව සැකකරුගේ ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී කඩු දෙකක් සොයාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කර උපයාගත් රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.