
යටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි රැසක් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ වනවිට ආයෝජන අවස්ථා සඳහා එවැනි ගොඩනැගිලි 20 ක් පමණ හඳුනා ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා සඳහන් කර සිටියා.
එම ගොඩනැගිලිවල පුරාවිද්‍යා වටිනාකමට හානියක් නොවන පරිදි ප්‍රතිසංස්කරණය කර අයෝජන ව්‍යාපෘති සඳහා යෙදීමට නියමිත බවද රණවීර මහතා ප්‍රකාශ කළේ ය.