712 views 0 secs 0 comments

බැසිල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්…

In Local News
November 30, 2020

දිවි නැඟුම දෙපර්තමේන්තු අරමුදලේ රුපියල් මිලියන 2992 සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළේ යැයි නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙක් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.
අධිචෝදනා වල සඳහන් වන ආකාරයට විත්තිකරුවන් වරදක් සිදු කර නොමැති බව පැමිණිලි පාර්ශවය සිදු කළ සාක්ෂි විමසීමේදී අණාවරණය වීමත් සමඟ විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැඳවා ඔවුන් නිදහස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනාගේ නීතීඥවරයා ඉල්ලා සිටියා.