
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඔක්තෝබර් 28, 29 සහ 30 යන දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරමින් පැවසීය. මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවන නිසා සිදුවන අනතුරු අවම කිරිමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.