110 views 0 secs 0 comments

එළඹෙන ජූලි මස සිට නැගෙනහිර පර්‍යන්ත වැඩ ඇරඹීම සැලසුම්..

In Local News
December 08, 2023

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා.

එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, නවීනතම දොඹකර 06 ක් මගින් බහාලුම් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන අතර මේ වනවිට නැගෙනහිර පර්යෙන්තයේ ඉදිකිරීම්වලින් 80% ක් පමණ අවසන් වී ඇති බවයි.

ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල රුපියල් අමෙරිකා ඩොලර් මිලියන 825 ක් වන අතර නැගෙනහිර පර්යෙන්තයේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව වාර්ෂිකව ලක්ෂ 20 ක් බවද ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.