දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් ජිරාෆ් විශේෂයක් අසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ මිය ගිය බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
මෙම සතාගේ ඉදිරිපස කුර එකක ආසාදනයක් වැළඳී ඇති බවත් සතාට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ අසාත්මිකතාවක් ඇති කිරීමට හේතු වන්නට ඇති බවත් මාරසිංහ මහතා සඳහන් කර සිටි අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු මරණයට සැබෑ හේතුව තහවුරු කළ නොහැකි බවත් ඔහු සඳහන් කර සිටියා.
