162 views 0 secs 0 comments

නත්තල බාල්දු කරන්න එපා – කාදිනල් හිමි…

In Local News
December 12, 2021

නත්තල බාල්දු නොකරන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළහ. ඒ ගනේමුල්ල,‍ බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද (12) උදෑසන පැවති දේව මෙහෙයකට එක් වූ අවස්ථාවෙයි.

ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ කදිනල් හිමි..
“නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද?. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. නත්තලත් බාල්දු කරනවා. සංචාරක අමාත්‍යාංශය භාර ඇමතිතුමා මේ පළාතේ කෙනෙක් නේ. එයා ඒක වටහා ගන්න ඕනේ. වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි.”

“2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැඟෙනවා.”

“ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කරලා තියෙනවා. ඒ එක්කෙනෙක්ගෙන්වත් තාම ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපානවා.”

“ඔය එක දේශපාලන නායකයෙක්වත් අපි උගන්වන දර්ශනය තරම් උසස් නෑ. ඒ පැත්තෙන් මේ පැත්තට හොරා කියනවා. මේ පැත්තෙන් ඒ පැත්තට හොරා කියනවා. ඒ නිසා අපි සමාජය පිරිසිදු කරමු. ආදරය පතුරවමු.”