Connect with us

Local News

ටයිම්ස් උසස් අධ්‍යාපන පාසල ජනපති අතින් විවෘත කෙරේ

Published

on

තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව අධ්‍යාපන ආයතන රැසක් ඉදිරියේ දී රට තුළ ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “Times School of Higher Education” උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ඊයේ (12) පෙරවරුවේ පැවැත්වුණු උත්සවය අමතමිනි

සීමාසහිත විජය පුවත්පත් සමාගමට අනුබද්ධ ආයතනයක් ලෙස ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කර තිබෙන අතර විදේශීය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුනක් සමඟ ඒකාබද්ධව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව මෙහි අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යනු ලබයි.
ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ පුළුල් පරාසයක රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන පාඨමාලා මෙහි පවත්වාගෙන යනු ලබන අතර ඒ අනුව සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම ඩිජිටල් ඇකඩමිය හරහා වෘත්තීය නිපුණතා සංවර්ධන වැඩසටහන් හා උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් මෙහි පවත්වාගෙන යනු ලැබේ.

විජය පුවත්පත් සමාගම විසින් පත් කරන ලද ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් උපදේශක මණ්ඩලයක් විසින් ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනයේ කටයුතු මෙහෙයවනු ලබනයි. ඉදිරියේදී තවත් විදේශ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වෙමින් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම අරමුණ බව මෙහි පාලන අධිකාරිය සඳහන් කරයි
“Times School of Higher Education” උසස් අධ්‍යාපන ආයතනයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආණ්ඩුවෙන් මුදල් ලබා දෙන බවයි. එසේම රට තුළ ඇතිවන ඉදිරි ආර්ථික දියුණුවත් සමඟ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නව රැකියා අවස්ථා 100,000ක් පමණ නිර්මාණය වන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම කටයුතුවලදී මෙවන් නව අධ්‍යාපන ආයතන බිහිවීම ඉතා වැදගත් බවද පෙන්වා දුන්නේය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

Continue Reading

Local News

ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් සභාවට පිටත්ව යයි

Published

on

By

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.

එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් සමඟ විශේෂ හමුවකට ද සහභාගි වනු ඇත.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටින බව සදහන් වේ.

Continue Reading

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්