87 views 0 secs 0 comments

මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය..

In Local News
September 10, 2024

2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි නොකළ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා, ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි.

එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.