85 views 0 secs 0 comments

රාජ්‍ය ආයතනවල පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වේ…

In Local News
March 11, 2025

රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට 109, පරිසර අමාත්‍යංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට 2,500ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයට 22ක්, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයට 03ක්, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 185ක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයට 20, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට 1,615, මධ්‍යම පළාත් සභාවට 72, ඌව පළාත් සභාවට 303ක් ආදී ලෙස මුළු පුරප්පාඩු සංඛාව 5,882ක් වෙනුවෙන් නව බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.