තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 17 සහ 18 වැනි දින වර්ජනයකට එළැඹීමට නියමිතව තිබේ. තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කළ බවයි තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද මහතා පැවසුවේ.
සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු ඇතුළු ගැටළු ගණනාවක් තැපෑලේ පවතින අතර මෙම ගැටළු සම්බන්ධව තැපැල්පතිවරයා සමග ද සාකච්ඡා කළ බවත් එහිදී හෝ කිසිදු සාධනීය පියරක් සම්බන්ධව තීරණයක් ගැනීමට අපොහොසත් වූ බවත් ඒ අනුව අදාළ දිනයන් හීදි මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
