
කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, 19 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, කඩවත සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙනෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.