180 views 0 secs 0 comments

රට පුරා ක්‍රියාත්මක වන හර්තාල්..

In Local News
May 06, 2022

අද (06) රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික මෙන්ම වතු, ගොවි, ධීවර හා බහුජන සංවිධාන වල සහයෝගය ඇතිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙන බව වෘත්තීය සමිති සංගම් පවසනවා. මෙහි අරමුණ ජනතා මතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීම ගැන විරෝධය පළ කිරීමයි.

ඒ අනුව ගුරු විදුහල්පතිවරුන්, සෞඛ්‍ය, තැපැල්, වරාය, බැංකු, විදුලිබල, ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය මෙන්ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු වෘත්තීය සමිති 2000 ක් පමණ මේ සඳහා එක්වීමට නියමිතයි.

මේ අතර අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කර ඇති අතර දුම්රිය වෘත්තීය සමිති ගණනාවක්ම අද දිනයේ හර්තාලයට එක්වීම හේතුවෙන් දුම්රිය ධාවනයද අඩාල වන බවයි එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ.