අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සතිපතා අඟහරුවාදා දිනවල මධ්‍යම රාත්‍රියේ QR ඉන්ධන සලාකය අලුත් කිරීම සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අද මේ වන විට සියලුම QR ඉන්ධන සලාක අලුත් කර ඇති බව ඨ්විට්ටෙර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළ අතර QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නොවෙනස්ව තවදුරටත් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
