Connect with us

Local News

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා – ජනපති

Published

on

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආරම්භ වූ ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව (Sri Lanka Climate Summit) අමතමිනි.

මීට අමතරව පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයහපත් දේශගුණික විපර්යාසවල සලකුණක් ලෙස පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළේය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පත් කෙරේ…

Published

on

By

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති 258 ඓඓ යටතේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පත් කර ඇත.

2024 දෙසැම්බර් 16 සිට මේ දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා නම්, නවතම පත්කිරීමක් යටතේ පොලොන්නරුව කොට්ඨාස භාර නිලධාරී ලෙස යළි පත් කර ඇත.

Continue Reading

Local News

“සෑම පුරවැසියකුටම තම භාෂාවෙන් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාව සලසාදීම රජයේ වගකීමක්” – අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්

Published

on

By

“සෑම පුරවැසියකුටම තම භාෂාවෙන් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාව සලසාදීම රජයේ වගකීමක්” බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා ප්‍රකාශ කළාය.

ඔහු මෙම අදහස පළ කළේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එය රාජ්‍ය භාෂා දිනය සහ එයට අදාළ වැඩසටහන් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ උත්සවයකි.

ජූලි 01 සිට 07 දක්වා රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එය මුලතිව් දිස්ත්‍රික්කය මූලික කරගෙන ක්‍රියාත්මක කෙරෙන බවත්, ජාතික සමගිය පදනම් කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Continue Reading

Local News

නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිට පිළිගන්වයි..

Published

on

By

නවකතා, නව නිර්මාණ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළු ප්‍රකාශන 37 ක් රචනා කර ඇති නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව “අරගලයේ අතුරු කථාවක්’’ පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කතුවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පිළිගන්වනු ලැබීය.

පසුගිය අරගල සමයේ, අතුරු සිදුවීමක් නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කරමින් සජීවීකරණයට පත් කිරීමට කතුවරයා මෙම නිර්මාණය තුළ වෙහෙස දරා ඇත. කල්පිත නිර්මාණයක් ලෙසින් කතුවරයා විසින් ම හඳුන්වා දෙන මෙම නිර්මාණයේ දී අරගලකරුවන්ට අරගල භූමියේ දී ඖෂධ ලබාදුන් වෛද්‍යවරයෙක් සහ සහායකයින් තිදෙනෙකු ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රඳවා තබා ගැනීම, එහි දී අනේක විධ දුක් ගැහැට ඔවුන්ට විදීමට සිදුවීම ආදී අතිශය සංවේදී සහ අනුවේදනීය සිදුවීම් මාලාවක් මෙම නවකතාවට පාදක වී ඇත.

නිහාල් පී ජයතුංගයන්ගේ නවකතා කිහිපයක් ඉංශ්‍රීසි සහ දෙමළ භාෂාවන් ට ද පරිවර්තනය කර ඇති අතර, සිනමා නිර්මාණ කිහිපයක් සඳහා ද පාදක වී ඇත.

Continue Reading

ප්‍රවණතාවන්