126 views 0 secs 0 comments

නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්..

In Local News
May 08, 2024

නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට සංකේතාත්මකව ලිපි ප්‍රධානය කිරීම සදහා අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට ජනාධිපතිවරයා එක් වන ලදී.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දී සිටියේ
කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බවයි.

එබැවින් රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.