
සියලුම රාජ්‍ය සේවකයින් ජනවාරි මස 3 වනදා සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පසුගිය කාලයේ සේවකයින් සේවයට කැඳවීම සිදු කරනු ලැබුවේ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදියි. ඊට අදාළ චක්‍රලේඛය අද (30) දිනයේ නිකුත් කිරීමට නියමිතයි.