108 views 4 secs 0 comments

ජනවාරි සහ පෙබරවාරි වල විශේෂ දුම්රිය ධාවනයට පියවර..

In Local News
January 07, 2025

මෙම වසරේ (2025) ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වාද විශේෂ දුම්රිය ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

ඒ තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සමඟ එන සතිඅන්ත නිවාඩු වෙනුවෙනි.

විශේෂ දුම්රිය ධාවනය වන ආකාරය පහතින්.

1) විශේෂ දුම්රිය අංක 01 – කොළඹ කොටුව සිට බදුල්ල දක්වා

කොළඹ කොටුවෙන් පිටත්වීම – රාත්‍රී 07:30 ට

ධාවනය කරනු ලබන දින – ජනවාරි 10, 12, 14, 17, 19, 24, 26, 31 සහ පෙබරවාරි 02, 04 යන දිනයන්.

2) විශේෂ දුම්රිය අංක 02 – බදුල්ල සිට කොළඹ

බදුල්ලෙන් පිටත්වීම – සවස 05:40 ට
ධාවනය කරනු ලබන දින – ජනවාරි 10, 12, 14, 17, 19, 24, 26, 31 සහ පෙබරවාරි 02, 04 යන දිනයන්.

3) විශේෂ නගරාන්තර දුම්රිය (4021 4022) කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර

කොළඹ කොටුවෙන් පිටත්වීම – අළුයම 05:30 ට
කන්කසන්තුරෙන් පිටත්වීම – දහවල් 01:50 ට

ධාවනය කරනු ලබන දින – ජනවාරි10, 13, 14, 15, 17, 20, 24, 27,31 සහ පෙබරවාරි 03, 04 යන දිනයන්.