90 views 0 secs 0 comments

ජනපතිගේ චීන සංචාරය එළඹෙන 14 වනදින..

In Local News
January 07, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියා. ඒ අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමිනි.

චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ අතර “එක් චීනයක් ප්‍රතිපත්තිය” සම්බන්ධයෙන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට ද තීරණය කරන ලදි.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය “එක් චීනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කර ඇති අතර, එමඟින් නීත්‍යානුකූල චීනය ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා බවත් අදහස් කරනු ලබයි.

ශ්‍රී ලංකා රජයේ එකී ප්‍රතිපත්තිය ඵ් අයුරින්ම තවදුරටත් අනුගමනය කරමින් ඊට අනුගතව කටයුතු කරනු ඇති.