156 views 0 secs 0 comments

කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස් වීම පිළිගන්න බැරිද..?

In Local News
April 04, 2022

කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ඉල්ල අස්වී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (03) ප්‍රකාශ කළ අතර අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හට නම් එය කිසිසේත්ම ඉල්ලා අස්වීමක් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍යවරයෙකු සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය භාරදිය යුත්තේ අගමැතිවරයා වෙත නොව ජනාධිපතිවරයා වෙත බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට ආණ්ඩුව තුළ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමට ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට වගකීමක් ඇති බවද ඔහු පෙන්වා දෙනවා.