දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ
ඔහුට එරෙහි නඩුව අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තහනම මෙලෙස ඉවත් කර තිබේ.
ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය මඟින් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.
