නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර අද (22) යළි ජාතික පද්ධතියට එක් කර තිබේ.
මේ හේතුවෙන් හෙට රාත්‍රී වනවිට සම්පූර්ණයෙන්ම මෙගාවොට් 260ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එක්වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ, සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.
