207 views 0 secs 0 comments

ඉහල යන ගෑස් මිල….

In Local News
October 10, 2021

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක්.

එසේම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 1,101 ක්.

කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 520 ක් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කෙළේ.