630 views 0 secs 0 comments

නීති විරෝධී ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙළට සහභාගී වූ අයෙක් අත්අඩංගුවට…

In Local News
March 09, 2021

ඊයේ (08) දිනයේ දී ඉපලෝගම පොලිස් ස්ථානය මඟින් අවුරුදු 21ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටීමේ වරදට අත්අඩංගුවට ගත් අතර අද (09) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කළුවිල විභාග මධ්‍යස්ථානයේ දී ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා අදාළ පුද්ගලයා සිය ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් විභාග පරීක්ෂකවරයාට ලැබුණ තොරතුරක් අනුව, පොලීසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා තිස්සමහාරාම, වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු විභාගයට පෙනී සිටීම සඳහාම අනුරාධපුරයට ගොස් ඇතැයි වරයා සඳහන් කළේය.

මෙවැනි පුද්ගලයින් දෙදෙනෙක් මීට පෙර අත්අඩංගුවට ගත් අතර, ඉන් එක් අයෙක් වලස්මුල්ල ප්‍රදේශයෙන් වන අතර, අනෙක් පුද්ගලයා මුලතිව් ප්‍රදේශයෙන් වන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ලංකාවේ අපරාධ නීතිය අනුව මෙන්ම විභාග නීතිය අනුව ද ඔවුන්ට චෝදනා ගොනු කළ හැකි බව පැවසීය.