
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ නායයෑමකින් නිවාස කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඉන්දියාවේ මුම්බායි නුවර 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පස් කන්දට යටවී සිටි පුද්ගලයින් 15දෙනෙකු මුදාගැනීමට සහන සේවකයින් සමත්ව ඇති අතර තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන් වේ.
මුම්බායි නුවර ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවලට ඊයේ (17) දිනයේ මිලීමිටර් 200 ඉක්මවු වැසි හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.