260 views 0 secs 0 comments

අද සිට මොඩර්නා එන්නත මධ්‍යම පළාතේ ජනතාවට….

In Local News
July 18, 2021

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවූ මොඩර්නා එන්නත මධ්‍යම පළාතේ ජනතාවට ලබාදීම අද (18) ආරම්භ විය.

මේ යටතේ මහනුවර,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකෙරේ.

අමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා යොමුකළ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් පසුගිය 16වනදා මෙරටට ලැබී තිබුණි.

මේ දක්වා කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 5,578,909ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,668,074 කි.