
බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන්වලදී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 18 වනදා සිට අද (27) පෙරවරු 6.00න් අවසන් වු කාලය තුළ සිදුකළ අහඹු පරීක්ෂාවන්වලින් කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.