200 views 1 sec 0 comments

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

In Local News
July 02, 2021

අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.
ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,මාටුවාගල වත්තෙහි උඩ කොටස
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ, හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය හා හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර්වත්ත ග්‍රාමය,
කොළඹ දිස්ත්‍රික්කයේ, නුගේගොඩ පොලිස් බලප්‍රදේශයේ, ඔබේසේකරපුර 514 C
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ, කොටියාගල වත්ත පහළ කොටස
මෙලෙස හුදකලා කළ ප්‍රදේශ වේ..

එමෙන්ම
ගම්පහ දිස්ත්‍රික්කය බියගම පොලිස් බලප්‍රදේශයේ, යටිහේන ග්‍රාම නිලධාරී වසමේ, පොල්හේන් පාර, ලේක්විව් පාර, ආයෝජන මණ්ඩල පාරෝ වැව පාරට හැරෙන තෙක්
මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ, සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ,
දේවාල පාර, ආරියදාස විතානගේ මාවත, ආරියදාස විතානගේ මාවත අවසන් වන ස්ථානය, සියඹලාපෙවත්ත කඳුබොඩ පාර
මාතලේ දිස්ත්‍රික්කය, මහවෙල පොලිස් බලප්‍රදේශයේ, දෙමදඔය E417/A
යන ප්‍රදේශ අද උදෑසන සිට හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කළ බව
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා…