83 views 0 secs 0 comments

රන් මිල පහලට

In Local News
May 14, 2025

මෙරට රන් මිල රුපියල් 6,000කින් පමණ පහත වැටී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සෙනසුරාදා දිනයේදී රු. 246,000ක් ලෙස පැවතිය.

මේ අතර “කැරට් 24” රන් පවුමක මිලද සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති අතර අද වන විට එය රු. 260,000ක් දක්වා පහළ ගොස් ඇති බවත් හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.