77 views 0 secs 0 comments

මයික්‍රොසොෆ්ට් සමාගමෙන් සේවකයන් 6000ක් ඉවත් කිරීමට තීරණයක්..

In World News
May 14, 2025

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අඟහරුවාදා මෙම නිවේදනය සමාගම විසින් නිකුත් කර තිබේ.

මෙම සේවක කප්පාදුව, සමාගමේ මුළු ශ්‍රම බලකායෙන් ප්‍රතිශත 3කටත් වඩා අඩු ප්‍රමාණයක් වන බව සඳහන් වෙයි.

මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ මෙම පියවර හරහා පිරිවැය පාලනය කිරීමත්, කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීමත් යිැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

2023 වසරේදී සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කළ පසු සිදුවන විශාලතම සේවක කප්පාදුව ලෙස මෙය සැලකිය හැක.