230 views 0 secs 0 comments

වියට්නාමයේ සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය…

In World News
May 31, 2021

ආගමික කණ්ඩායමක් ඔස්සේ හටගත් කොවිඩ් පොකුරක් සීග්‍රයෙන් පැතිරයාමෙන් අනතුරුව එරට විශාලතම සහ වැඩිම ජනගහණයක් සහිත නගරය ලෙස සැලකෙන “හෝ චී මින්” නගරයේ සම්පූර්ණ ජනගහණය ම කොවිඩ් -19 සඳහා පරීක්ෂා කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

මෙම පොකුරේ ආසාදිතයින්ගෙන් හඳුනාගත් කොවිඩ් වෛරස් ප්‍රභේදය ඉන්දීය සහ එක්සත් රාජධානියෙන් හමුවූ වෛරස් ප්‍රභේද හා සමානකම් දැක්වුවද එය වාතය ඔස්සේද පහසුවෙන් ව්‍යාප්ත වන බව ට හඳුනාගෙන ඇත.

මේ දක්වා වියට්නාමයෙන් කොවිඩ් ආසාදිතයින් 7,000ක් පමණ හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 47කි.