අංගොඩ පිහිටි වැඩිහිටි නිවාසයක එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මියයෑමත් සමඟ සෙසු සියලුදෙනා පීසීආර් පරීක්ෂාවකට යොමුකර ඇත් අතර 29දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 27දෙනෙක් හා එහි කළමනාකාරීත්වයේ සේවය කරන දෙදෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් හඳුනාගෙන තිබේ.
ආසාදිතයින් ලෙස හඳුනාගත් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමේ අපහසුතාවක් ඇති හෙයින් එම ස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට තීරණය කළ බව මහජන සෞඛ්‍යය පරීක්ෂක අජිත් විතානගේ මහතා පවසයි.
එක් පුද්ගලයෙක් පමණක් එම වැඩිහිටි නිවාසයෙන් පිටතට යන බවත් ඔහු නිසා සියලුදෙනා ආසාදිත බවට පත්ව ඇති බවත් මහජන සෞඛ්‍යය පරීක්ෂක අජිත් විතානගේ මහතා චෝදනා කර සිටී.
