158 views 0 secs 0 comments

අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය වසා දැමේ…

In Local News
January 05, 2023

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අද (05) සිට
අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය මාස 5 ක කාලයක් වසා දැමේ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33 ක පමණ මුදලක් මේ සඳහා වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.