162 views 0 secs 0 comments

රජයේ ප්‍රතිපත්තිය හරිත කෘෂිකාර්මික ආර්ථිකයක්- ජනපති

In Local News
November 22, 2021

පොහොර සහ කෘෂි රසායන සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සියලු පාර්ශ්වකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වීය. එහිදී
එළවළු, බඩඉරිඟු සහ අනෙකුත් ධාන්‍ය වගාවන් සඳහා පෞද්ගලික අංශය හරහා කෘෂි රසායන ආනයනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
හරිත කෘෂිකාර්මික ආර්ථිකයක් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිතුමා සඳුදා (22) යළි අවධාරණය කළේය.