මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි අතර, එහි ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවද
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 කට මිලදී ගනු ලබන අතර තෙතමනය 14% ඉක්මවන නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට ද මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියා.
