
දිවයිනට සේන්දු වූ මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බවත්, සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 19 වැනි දා ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ අතර තවත් බොරතෙල් නෞකාවක් ලබන 29 වැනි දා මෙරටට ළඟාවන අතර එහි බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතය.