251 views 0 secs 0 comments

කිසිදු ස්ථානයක ප්‍රිය සම්භාෂණ පැවැත්වීම තහනම් – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

In Local News
May 02, 2021

හෝටල්වල පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාෂණ වෙනත් ස්ථානවල පැවැත්වීමට සුදානම් කර ඇතැයි වාර්තා වන අතර එවන් උත්සව නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

“උත්සව පැවැත්වීම, සාද පැවැත්වීම හා මංගල උත්සව වුනත් හෙට දිනයෙන් පස්සේ, පැවැත්වීම අපි තහනම් කරලා තියෙන අවදියක අපිට වාර්තාවෙනවා සමහර ප්‍රදේශවල මෙවැනි උත්සව නිවෙස්වල පැවැත්වීමට කටයුතු කරගෙන යන බවට. අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි උත්සව කුමන ස්ථානයක හෝ කිරීම තහනම් කරන්න හේතු වුණේ රටේ පවතින කොවිඩ් තත්ත්වය මත. යම් අයෙක් එවැනි උත්සව තම නිවසේ පවත්වන කටයුතු කිරීම තුළින් කොවිඩ් පැතිරීමේ අවදානමක් තියෙනවා.“

මේ අතර, ප්‍රිය සම්භාෂණ හෝ උත්සව සංවිධානය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.