158 views 0 secs 0 comments

දුම්රිය ස්ථානාධිපතිවරු නැවතත් වර්ජනයක් සදහා සුදානම් වේ.

In Local News
January 27, 2022

දුම්රිය දෙපාර්තමේන්තුව කණිෂ්ඨ කාර්යය මණ්ඩලය බඳවා ගැනීමට මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සූදානමින් සිටින බව එහි සභාපති සුමේධ සෝමරත්න පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය ඉල්ලීම් නැවතත් බලධාරීන් වෙත ලිඛිතව ඉදිරිපත් කරන බවත් ඊට විසඳුම් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි