206 views 0 secs 0 comments

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

In Local News
January 27, 2022

රෝහල්ගත වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ රෝහල් ධාරිතාවයද ඉක්මවා යමින් පවතින බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ රෝගීන් සංඛ්‍යාව අසීමිතව ඉහළ ගියහොත් මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවයි.