496 views 1 sec 0 comments

ජනපති අතට භාර දුන් සමරිසි අයිතීන් වෙනුවෙන් ගෙනා සංශෝධනය…

In Local News
August 25, 2022

ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.

LGBT Q + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් බවත් මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයන්ට පත්වූ අවස්ථා වැඩි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා විසින් යොමු කර තිබෙන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,