
අම්පාරේ අත් පා ගැටගැසූ කාන්තාවක් පාළු මාර්ගයක් අසල දමාගොස් තිබූ අතර ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම්දීමෙන් පසුව ඇයව ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ රිමාලි ප්‍රනාන්දු නම් 31 හැවිරිදි ඇයව පසුගිය අගෝස්තු 28 වනදා කුලියාපිටිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් මුහුණට මිරිස්කුඩු ගසා ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් ඇති අතර ඊයේ (08) අලුයම් කාලයේදී ඇයව එලෙස දමා ගොස් ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.