61 views 0 secs 0 comments

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ..

In Local News
March 01, 2025

වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇති බව වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති අතර, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බව ඔහු සඳහන් කළේය. එමෙන්ම යාල වනෝද්‍යානයේ පිවිසුම් මාර්ගයේ නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් මේ වනවිට ගංවතුරෙන් යට වී ඇති බවද වාර්තා වේ.

මේ වන විට යාල කලාප අංක 1ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා තිබේ.

කෙසේ වුවද යාල සෆාරි ජීප් රථ එකමුතුවේ සභාපති තරිඳු ජයසිංහ සඳහන් කළේ, කිසිදු දැනුම්දීමකින් තොරව ගත් මෙම තීරණය හේතුවෙන් මුදල් ගෙවන ලද සංචාරකයින් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි.