172 views 0 secs 0 comments

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සිදු නොවේ – වෛද්‍ය චන්දිම

In Health, Local News
December 09, 2021

ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.
ඔහු සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි . ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ සිය Twitter ගිණුමේ සටහනක් තබමින්.