163 views 0 secs 0 comments

කඩිනමින් සෞඛ්‍ය පණිවිඩ ප්‍රචාරය කිරීමට වැඩ පිළිවෙලක්…

In Health, Local News
August 12, 2022

වත්මන් ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් හා සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව කඩිනමින් දැනුවත් කිරීම හා කඩිනමින් සෞඛ්‍ය පණිවිඩ ප්‍රචාරය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් 600ක් ආශ්‍රිතව පුළුල් තිර රූවාහිනී පද්ධතියක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර ඊට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා හා සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මහතා සහභාගි විය.