
අද (01) දිනයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි ආසාදිතයින් 826 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ මේ වන තෙක් දිනක් තුළ සුවය ලැබූ වැඩිම පිරිස බවට වාර්ථා වේ.
මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 36,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 133 ක් වේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 36,155 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගණන 6,940ක් වේ.