Connect with us

Local News

කොවිඩ්-19 පාලන කටයුතු සඳහා පත් වූ හමුදා නිළධාරීන්..

Published

on

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු සම්බන්ධීකරණය සඳහා සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර තිබේ.
එම පත්වීම් අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබේ.
මෙම සම්බන්ධිකාරක නිලධාරීන්ට, කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනය, නිරෝධායන කටයුතු කිරීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම, මෙන්ම වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමණාකාරණය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජිවනය හා දිළිඳුකමතුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇත.

උතුරු පළාත

මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර – යාපනය
මේජර් ජෙනරාල් කේ එන් එස් කොටුවේගොඩ – කිලිනොච්චිය
මේජර් ජෙනරාල් ආර් එම් පී ජි රත්නායක – මුලතිව්
මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා – වවුනියාව
මේජර් ජෙනරාල් ඒ ඒ අයි ජේ බණ්ඩාර – මන්නාරම

උතුරු මැද පළාත

මේජර් ජෙනරාල් ජේ සී ගමගේ – පොළොන්නරුව
මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ – අනුරාධපුරය

වයඹ පළාත

මේජර් ජෙනරාල් ඒ පී අයි ප්‍රනාන්දු – පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් – කුරුණෑගල

බස්නාහිර පළාත

මේජර් ජෙනරාල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ – කොළඹ
මේජර් ජෙනරාල් එන් ආර් ළමාහේවා – ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල – කළුතර

මධ්‍යම පළාත

මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ – නුවරඑළිය
මේජර් ජෙනරාල් එස් එම් එස් පි බි සමරකෝන් – මහනුවර
මේජර් ජෙනරාල් එස් යු එම් එන් මානගේ – මාතලේ

සබරගමුව පළාත

බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න – රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය – කෑගල්ල

නැගෙනහිර පළාත

මේජර් ජෙනරාල් සී ඩි වීරසුරිය – ත්රි කුණාමලය
මේජර් ජෙනරාල් ටි ඩි වීරකෝන් – අම්පාර
මේජර් ජෙනරාල් සී ඩි රණසිංහ – මඩකලපුව

ඌව පළාත

බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර – බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ – මොනරාගල

දණුණු පළාත

මේජර් ජෙනරාල් ඩි එම් එච් ඩි බණ්ඩාර – හම්බන්තොට
මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ – ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු – මාතර

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්