189 views 0 secs 0 comments

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහලට…

In Local News
June 01, 2022

භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පියවර ගෙන තිබෙනවා.

ආනයනික යෝගට් සඳහා මෙතෙක් තිබූ කිලෝග්‍රෑමයකට රු. 1,000 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 2,000 ක් දක්වා ඉහළ දමා තිබෙන අතර චීස්, මිදි, ඇපල්, දොඩම් ඇතුළු තවත් භාණ්ඩ රැසක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවයි සඳහන් වේ.