214 views 0 secs 0 comments

ත්‍රිකුණාමලේ හි සුර්යය විදුලි බලාගාරයට කැබිනට් අනුමැතිය….

In Local News
March 28, 2023

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එක්ව ත්‍රිකුණාමලයේ සාම්පූර් හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට සැලසුම් කර තිබූ ස්ථානයේම මෙගාවොට් 135 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 02 කින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාවයකට පැමිණ ඇති බව එහි සඳහන් වන්නේ.