656 views 0 secs 0 comments

අද දින වන විට මෙරට කොවිඩ් වාර්තාව…

In Health, Local News
January 18, 2021

අද (18) උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 763ක් හඳුනාගෙන ඇති අතර ඉන් 14 දෙනෙක් විදේශ ගතව සිට මෙරටට පැමිණි ස්‍රී ලා|න්කිකයන් වේ.
මේ අතරින් වැඩිම ආසාදිතයන් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 241ක් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 210ක්ද, මාතර දිස්ත්‍රික්කයෙන් 41ක්ද, 257 දෙනෙකු දිවයිනේ සෙසු ප්‍රදේශ වලින්ද වාර්තා වී ඇත.
අද (18) උදෑසන වන විට මෙරට සමස්ත ආසාදිතයන් ගණන 53,075ක් වන අතර ඉන් 45,170ක් පූර්ණ සුවය ලබා රොඅහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7,641ක් වේ.

එමෙන්ම අද (18) උදෑසන වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 264ක් බව වාර්තා වේ.

තොරතුරු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…