711 views 0 secs 0 comments

පස් ගොඩට යටවූවන්ගේ දිවි ගැලවූ මෙහෙයුම…

In Local News
January 17, 2021

තලංගම – අංගොඩ මාර්ගයේ හීනටිකුඹුර හන්දිය අසල නිවසක පස්බැම්මක් ඛාදනයවීම වැළැක්වීම සඳහා අද පෙරවරුවේ පෙදරේරුවන් දෙදෙනෙක් එහි ගල්බැම්මක් ඉදිකරමින් සිටියදී අනපේක්ෂිත අයුරින් අද (17) පෙරවරු 9.30ට පමණ එම පස්කන්ද කඩාවැටී ඇති අතර ගල් බැම්ම ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනා පස්කන්දට යටවී තිබුණි. පස්බැම්ම පෙරළි ගිය සැනින් ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් අනතුර සම්බන්ධයෙන් තලංගම පොලීසියට සහ යුද හමුදාවට දැනුම් දී තිබූණි.
යුද හමුදා කණ්ඩායමක් වහාම සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි අතර ඔවුන් ප්‍රදේශවාසීන් හා එක්ව පුද්ගලයින් දෙදෙනා බේරාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබුණ අතර ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් සමත්විය.